කුණාටුවට බිය වූ කුමරිය/The Princess who was afraid to the storm



විශ්වය තුල ක්‍රියාත්මක ඉන්ද්‍රජාලික රහස් වලින් අපි තවම දන්නේ 0.0000000000000000000001% තරමේ අතිශය කුඩා ප්‍රමාණයක් වෙන්න ඇති.ඇත්තටම විශ්වය තුල විස්මය දනවන මගික් ක්‍රියාත්මක වෙනවා. කලු කුහර තුලදී ආලෝකය පවා විනාශ වන්නේ අයි කියන එක ගැන හිතන විටත් අංග හිරිවැටෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලය පවා කැරකි කැරකි කළු කුහර වෙත ගමන් කරන බව පැවසෙන විට බියකුත් දැනෙනවා.විශ්වයේ තිබෙන ඉන්ද්‍රජාලික බලය අපි හැමෝටම බලපානවා. ඔබත් ඇත්තටම පුංචි විශ්වයක්.සමහරුනට එම මගික් බලපානවා. එහෙම උනාම ඒ ය කියන්නේ අනේ මගේ දිහා දෙවියෝ බැලුවා  කියල. සමහර ජිවිත වල කිසිම මගික් එකක් සිදු නොවුනම ඒ ය කියන්නේ ඒක මගේ කරුමේ වෙන්න ඇති කියල.ඉතින් ඔබ ඉන්ද්‍රජාලයන් විශ්වාස කරනවානම් සැබවින්ම ජීවිතය ඉන්ද්‍රජාලයන් දස දහසක් සිදුවේවි.
ආදරය කියන්නේ එහෙම ඉන්ද්‍රජාලයන් මවන තවත් හැගීම් උල්පතක් ආදරය කියන්නේ සැබවින්ම ජීවිතයක් වෙනස් කල හැකි ප්‍රබලම සාදකයක්. නමුත් මේ කතාව ආදරය ගැනනම් නොවේ.මේක මැජික්  ගැන කතාවක්.
ඔන්න එක රාජ කුමාරයෙකුයි, රුමත් රාජ කුමාරියකුයි මහා රුවල් නැවක නැගලා මුහුදු ගමනක් සඳහා පිටත් වුනා. ඔහු තරමක් වෙනස්   රාජ කුමාරයෙක්. මේ ලෝකයේ මහා බලයක් ක්‍රියාත්මක වන බවත්,එම බලයට බොහෝ දේවල් කල හැකි බවත් ඔහු විශ්වාස කලා. ඔහු සෑම ජිවන සිද්ධියක් තුලම පුදුම සහගත අවස්ථාවන් දැක්කා. සෑම පුද්ගල හමුවීමක් තුල ඔහුගේ ගමන වෙනස් කරන සුබවාදී යමක් වියහැකි බව තදින්ම විශ්වාස කලා. ඉතින් ඔහු සිය රූමත් කුමරිය සමග රුවල් නැවෙන් මුහුදේ ගමන් කරන විට මහා වැහි කුණාටුවකට නව හසු වුණා. කුණාටුව එන්න එන්නම වැඩි වුණා. නැවැ නොසිතූ දෙසකට ඇදී ගියා. නමුත් කුමාරයට කිසිම ගානක් නැහැ. ඔහු නැව  බඳ  අයිනටම ගොස් දැවැන්ත වැසි කුනාටුවට එරෙහිව නිර්භීතව සිට ගත්තා. ඔහු එම මහා සුළි කුනාටුව දෙස අපේක්ෂා සහගත බැල්මකින් හිටියා.
“ඔයාට බය නැත්ද?”
කුමරිය කෑ  ගහලා  ඇහුවා. ඔහු නෙවෙයි හැරිලාවත් බැලුවේ. ඔහුගේ මුව මත සනිටුහන් වුනේ මහා අභිමානයක්  සහ ඕනෑම අවධානමක් දැරීමේ ආත්ම විශ්වාසයක්.
“ඔයාට ඇත්තටම පිස්සුද?අපි නව ඇතුලට ගිහින් සැඟවෙමු.” ය තවත් හයියෙන් ඇහුවා.ඔහු ඒ සැනින් ඔහුගේ ඉනේ කොපුවෙන් රන් අසිතපත අතට අරගෙන ය වෙතට අවා. ඔහුගේ මුහුණේ තිබුනේ දැඩි කෝපයක්. ඔහු ඇයගේ සිනිදු බෙල්ල ළඟටම අසිපත ලංකලා. ඔහු කඩුව තව තවත් ලං කළා. එහෙත් ඇය නොසැලී ඔහු දිහා බලාගෙන සිනාසුනා.
“ඔයාට බය නැත්ද?”    කුමාරය ඇහුවා.
“නැහැ “
කුමරිය උකුළු මුකුළු පැමිණ කිව්වා. උමාරය එවිට තවත් කඩුව ඇයගේ බෙල්ලට ලං කළා. දැන් ඇයගේ බේල කැපෙන්න ඔන්නමෙන්න වගේ තියෙන්නේ. “ඔයාට දැන් බය නැත්ද”
කුමාරය සැරෙන් ඇහුවා.
“නැහැ” ඇය කිසිම ගානක් නැතිව උත්තර දුන්නා.
“ඇයි ?” ඔහු ඇහුවා.
“අසිපත තියෙන්නේ ඔයාගේ අතේ.ඔය මට ගොඩක් ආදරෙයි. එක නිසා ඔය මාව නොමරන බව මට දැඩිව විශ්වාසයි. ඉතින් මම අයි බය වෙන්නේ?” ඇය විශ්වාසයෙන් කිව්වා.
“අන්න ඒ වගේ මේ මහා සුළි කුනාටුවත් තියෙන්නේ විශ්ව බලය අතේ කුමරිය.එක නිසා මට කිසිම දෙයක් වෙන්නේ නැති බව මට දැඩිව විශ්වාසයි. එකයි මම කිසිම බයක් සැකක් නැතිව මෙහෙම ඉන්නේ. මගේ සිහින සැබෑ කර ගන්න විශ්ව බලය මට යහපත් ලෙස හැසිරෙන බව මට දැඩිව විශ්වාසයි.”
කුමාරය කිව්වා.
ඔබ යමක් දැඩිව විශ්වාස කලොත් ඔබ විශ්වාස කරන දේ සැබෑවක් කරන්න විශ්වයම විවිධ වෙස් ගෙන ක්‍රියාත්මක වෙනවා නියතයි. ඔබ විශ්ව බලය විශ්වාස කලොත් විශ්වය ඔබව රකිනවා. එම මහා බලය ඔබව රකිනවා. එම බලය ඔබට කැමතිනම් දෙවියන් ලෙසද, බ්‍රහ්මයා ලෙසද, ඉරණම ලෙසද අර්ථකථනය කරගන්නට පුළුවන්.ඉතින් සිහින හඹා  යන්න. සිහින වෙනුවෙන් අරගල කරන්න.සිහින සමඟ ඔබට තිබෙන නිරන්තර ගෞදෙනුව සාමදානයෙන් විසඳා ගන්න කවදාවත් හිතන්න එපා.එම ගනුදෙනුව ඔබ නිම කල යුත්තේ සිහිනය සැබෑ කර ගැනීමෙන් පමණයි.


උපුටාගැනිම මව්බිම පුවත්පත ඇසුරිනි

0 comments:

Post a Comment

Leave a comment,