Showing posts with label religious. Show all posts
Showing posts with label religious. Show all posts

What is the love,ආදරය සහ ආශාව

    Love
    Love is a variety of different feelings, states, and attitudes that ranges from interpersonal affection to pleasure. It can refer to an emotion of a strong attraction and personal attachment.
    This meaning is given from Wikipedia English dictionary 
    There are different different meaning for love. Most of you already felt that emotion. Anyway we can talk about this  topic in different different aspect. we can understand it  as a hormone reaction. In other hand someone can describe it as a tricks of nature to build their own generation. Although Love is need for our existent. Without love in life it feel like empty..
    Here we are going to know about Love from the Buddhist religious view.


ගොඩක් දෙනෙකුට හරියට වෙන් කරලා අදුන ගන්න බැරි වෙන දෙයක් තමා මේ ආදරය සහ ආශාව.
එ  ගැන කෙරෙන වටිනා දේශනාවක් තමා  අද ඔයාලට ගෙනත් තියෙන්නේ .
මේක දෙරණ රූපවාහිනියෙන් තමා අපි උපුටා ගත්තේ .
හොදින් අහල බලන්න.




වටිනවා කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න .

භාවනාව මගින් සිරුරේ ජාන සැකැස්ම වෙනස් වේ/ Meditation change the body genetic structure

                


භාවනාව මගින් සිරුරේ ජාන සැකැස්ම වෙනස් වන බව හෙළිවේ
භාවනාව මගින් යහපත් සෞඛ්‍ය ප‍්‍රතිඵල අත් කරදෙන බවට වන විශ්වාසයන් මැද එය විසින් ශරීරයේ රසායනික ක‍්‍රියාකාරීත්වය වෙනස් කරන බව තහවුරු කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
ඇමරිකාවේ විස්කොන්සින්හි, ස්පාඤ්ඤයේ සහ ප‍්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අනාවරණය කර ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුක්තව සිටින භාවනාවක් අභ්‍යාස කරන පුද්ගලයෙකුගේ ශරීරයේ ජාන සැකැස්ම වෙනස් වන බවයි.
මෙම පර්යේෂණය සඳහා ඔවුන් පුහුණු භාවනානුයෝගීන් පිරිසක් දිනක කාලයක් තුළ භාවනාව අභ්‍යාස කිරීමට යොදවා ඇති අතර සාමාන්‍ය පිරිසක් නිහඬ සහ සන්සුන් කාර්යයන් සඳහා යොදවා තිබේ.
ආරම්භක අවස්ථාවේදී දෙපිරිසේ ජාන සැකැස්මේ වෙනසක් නොතිබී ඇති නමුත් භාවනාව කරගෙන යාමේදී ජාන නියාමනය කරන රසායනිකන්ගේ වෙනසක් සිදුවී ඇති අතර කෝපාවිෂ්ඨ බවට බලපාන ජානයන් අඩුවී ඇතැයි වාර්තා වේ.
මෙමගින් මානසික පීඩාකාරී තත්වයක සිට ඉක්මනින් යථා තත්වයට පත්වීමට අවකාශ සලසබ ව පර්යේෂකයින් පවසති. පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි රිචඞ් ජේ. ඬේවිඞ්සන් පවසා ඇත්තේ මෙය භාවනාව මලින් ශරීරයේ රසායනික සංයුතිය වෙනස් වන බව තහවුරු කළ පළමු පර්යේෂණය බවයි.

මෙම පර්යේෂණ ප‍්‍රතිඵල ඉදිරි ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් සඳහා භාවිතා කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ.

ref:https://www.facebook.com/SinhalaBuddhist/photos/a.10150264663426934.380286.151742781933/10152945548561934/?type=1